27 C
Colombo
Sunday, October 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsප්‍රදේශ කිහිපයකට බලපා ඇති වැසි සහිත කාලගුණයෙන් 3244කට පීඩා

ප්‍රදේශ කිහිපයකට බලපා ඇති වැසි සහිත කාලගුණයෙන් 3244කට පීඩා

ප්‍රදේශ කිහිපයකට බලපා ඇති වැසි සහිත කාලගුණයෙන් පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව 3244 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මාතර දිස්ත්‍රික්කයේ පවුල් 596 ක පුද්ගලයින් 2600 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ.

කළුතර දිස්ත්‍රික්කයේ පවුල් 13 ක පුද්ගලයින් 50 දෙනෙකු පීඩාවට පත්ව සිටී.

රත්නපුර දිස්ත්‍රික්කයේ පීඩාවට පත් පවුල් සංඛ්‍යාව 151 ක් වන අතර, එහි පුද්ගලයින් සංඛ්‍යාව 594 කි.

මේ අතර, දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.