― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsවිදුලි බිල වැඩි කිරීම කල් යයි 

විදුලි බිල වැඩි කිරීම කල් යයි 

මහජන උපයෝගිතා කොමිසම පවසන්නේ, විදුලි ගාස්තු යළි ඉහළ නැංවීම පිළිබඳ තීරණය ඔක්තෝබර් මස 18 වැනිදායින් පසු ප්‍රකාශයට පත් කරන බවයි.

ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන මතය විමසීමෙන් අනතුරුව අවසන් තීරණයට එළඹීමට නියමිත බවයි, එම කොමිසමේ සභාපති මංජුල ප්‍රනාන්දු පැවසුවේ.

ලබන මස පළමුවන දා සිට විදුලි ගාස්තු සංශෝධනය කිරීමට විදුලිබල මණ්ඩලය, මහජන උපයෝගිතා කොමිසමෙන් ඉල්ලීමක් කර තිබුණේ මෙම වසරේ ජූලි මාසයේ සිට දෙසැම්බර් කාලවකවානුවට අදාළව සිය ඇස්තමේන්තුගත වියදම ඉහළ ගොස් ඇති බව පවසමින්.

ජලවිදුලියෙන් සහ ගල්අඟුරුවලින් විදුලි උත්පාදනය පහළ යෑම සහ විදුලි ඉල්ලුම ඉහළ යෑමයි ඒ සඳහා බලපා ඇති කරුණු ලෙස ඔවුන් දක්වා ඇත්තේ.

ආකාර දෙකකින් විදුලි ගාස්තු සංශෝධනයට යෝජනා ඉදිරිපත් කර තිබුණු අතර යෝජනාව සම්බන්ධයෙන් කඩිනමින් සලකා බලන ලෙස අමාත්‍ය මණ්ඩලය ද උපයෝගිතා කොමිසමට දන්වා තිබෙනවා.

යෝජිත නව විදුලි ගාස්තු සං‍ශෝධනයේ එක් යෝජනාවකට අනුව දැනට පවතින මාසික විදුලි ගාස්තුව 22%කින් වැඩි කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා කර තිබෙනවා. දෙවැනි ගාස්තු සංශෝධන යෝජනාවේ දැක්වෙන්නේ එක් ඒකක කාණ්ඩයක් සහ දැනට පවතින ගාස්තුව රුපියල් 8කින් වැඩි කිරීමයි.