― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsප්ලාස්ටික් තහනම අද සිට

ප්ලාස්ටික් තහනම අද සිට

තනි භාවිත හා කෙටි කාලීන ප්ලාස්ටික් තහනම් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අද (01) දිනයේ සිට ක්‍රියාත්මක බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා.

ඒ,අනුව ප්ලාස්ටික් වර්ග 09ක් මෙම තහනමට යටත්වන ඇති බවයි එම අධිකාරිය සඳහන් කළේ.

මේ අනුව වරක් පමණක් භාවිත කරනු ලබන ප්ලාස්ටික් බීම බට හා කැලතීමේ උපකරණ, ප්ලාස්ටික්වලින් නිර්මාණය කරන ලද යෝගට් හැඳි මෙන්ම වරක් භාවිත කර ඉවතලන ප්ලාස්ටික් කෝප්ප, පිඟන්, යෝගට් කෝප්ප, හැඳි, ගෑරුප්පු හා ප්ලාස්ටික් පිහි, ප්ලාස්ටික් මල් මාලා, ප්ලාස්ටික්වලින් නිර්මිත ඉඳි ආප්ප වට්ටි නිෂ්පාදනය කිරීම, ආනයනය කිරීම, විකිණීම, දේශීය වශයෙන් භාවිත කිරීම තහනම් වනවා.

ප්ලාස්ටික් මඟින් සිදුවන විශාල පරිසර දූෂණය වැළැක්වීම හා පාරිසරික ගැටළු අවම කිරීම මෙලෙස තනි භාවිත හා කෙටි කාලීන ප්ලාස්ටික් තහනම් කිරීමේ මූලික අරමුණ වී තිබෙනවා.

ඒ අනුව ගැසට් පත්‍රය කඩ කරමින් කටයුතු කරන ව්‍යාපාරිකයින්ට එරෙහි ව නීතියමය පියවර ගැනීමට නියමිතයි.

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා සඳහන් කළේ අද සිට ඊට අදාළ වැටලීම් සිදු කිරීමට ද පියවර ගන්නා බවයි.