― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඅවසරයකින් තොරව අවාරයේ සිරිපා කරුණා බැහැ – නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්

අවසරයකින් තොරව අවාරයේ සිරිපා කරුණා බැහැ – නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්

අවසරයකින් තොරව අවාරයේ ශ්‍රී පාදස්ථානය කරුණා කිරීම සපුරා තහනම් කර ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ පවසනවා.

2022-2023 ශ්‍රි පාද වන්දනා සමය අවසන් වීමත් සමඟ ශ්‍රි පාදස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන්ගේ උපදෙස් පරිදි අවාරයේ ශ්‍රී පාදස්ථානය හැටන් මාර්ගය ඔස්සේ සහ රත්නපුර මාර්ගය ඔස්සේ අවසරයකින් තොරව කරුණා කිරීම සම්පූරණයෙන්ම තහනම් කර තිබුණා.

කෙසේ වෙතත් ශ්‍රී පාදස්ථානය කරුණා කිරීමට ශ්‍රී පාදස්ථානාධිපති හිමියන් විසින් අවසර ලබා දී ඇති බවට පළ වූ ඇතැම් වාර්තා අසත්‍ය බවයි දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේ.

අවාරයේ ශ්‍රී පාදස්ථානය කරුණා කිරීමේ දී අදාළ ආයතනවලින් අවසර ලබාගෙන ඒ පිළිබදව නල්ලතන්නිය සහ රත්නපුර පොලිස් ස්ථාන දැනුවත් කර අවාරයේ ශ්‍රී පාදස්ථානය කරුණා කිරීමට අවස්ථාව ලැබෙනවා.

එසේ අවසරයකින් තොරව ශ්‍රී පාදස්ථානය කරුණා කිරීමට අවසර ලබානොදෙන ලෙසට නල්ලතන්නිය සහ රත්නපුර පොලීසිය දැනුවත් කර ඇති බව ද දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළා.

මේ අතර ශ්‍රී පාදස්ථාන මළුව ප්‍රදේශයට කඩින් කඩ පතිතවන අධික වර්ෂාවත් සමඟ ශ්‍රී පාදස්ථානයට පිවිසෙන පියගැටපෙළ දිගේ අධික ජල ධාරිතාවක් පහළට ගලා ඒමත් සමඟ ශ්‍රී පාදය කරුණා කිරීම අවධානම් බව ද දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් පැවසුවා.