29.5 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගම්පොළදී ත්‍රිරෝද රථයක් ගිනි ගනී

ගම්පොළදී ත්‍රිරෝද රථයක් ගිනි ගනී

ගමන් කරමින් තිබූ ත්‍රිරෝද රථයක් ගම්පොළ රෝහල ආසන්නයේදී හදිසියේ ගිනිගෙන සම්පූර්ණයෙන් දැවී විනාශ වී තිබේ.

මෙලෙස ගිනිගෙන ඇත්තේ ගම්පොල, මිල්ලගහමුල ප්‍රදේශයේ සැමියා බිරිඳ හා දරුවන් සමඟින් ධාවනයේ යෙදුණු ත්‍රිරෝද රථයකි.

ඒ ආසන්නයේ තිබූ ඉන්ධන හලකින් ඉන්ධන ලබාගෙන මීටර් 50ක් පමණ ඉදිරියට යමින් සිටියදී මෙම ගිනි ගැනීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අවට සිටි පිරිස් එක්ව එම ගින්න මැඬලීමට උත්සාහ දැරූවද ත්‍රීරෝද රථය සම්පූර්ණයෙන් දැවී විනාශ වී තිබේ.