32.8 C
Colombo
Wednesday, April 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෙරට නිෂ්පාදිත ගිනිඅවියක් සමඟ අයෙක් අත්අඩංගුවට

මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් සමඟ අයෙක් අත්අඩංගුවට

මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් සමඟ අයෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි මෙම වැටලීම සිදු කර ඇත්තේ.

බටපොල පොලිස් වසමේ පොල් හුන්නාව, බටපොල යන ස්ථානයේදි මෙම ගිනි අවිය සමඟ මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම ගිනි අවිය ඉතා සූක්ෂම ලෙස බෝර 12 උණ්ඩ භාවිතා කර වෙඩි තැබිය හැකි දේශිය නිෂ්පාදිත ගිනි අවියක් බවයි පොලීසිය පවසන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 32 ක තරුණයෙක් වන අතර මෙම අවිය අපරාධ සඳහා භාවිතා කර ඇතිද යන්න පිළිබඳව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.