― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsමුදල් ආරවුල පුද්ගලයෙකුට දිවි අහිමි කරයි

මුදල් ආරවුල පුද්ගලයෙකුට දිවි අහිමි කරයි

තියුණු ආයුධයකින් පහරදී අද (02) සවස පුද්ගලයකු ඝාතනය කර ඇති බව මිල්ලනිය පොලීසිය පවසයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මිල්ලනිය කිම්මන්තුඩාව ප්‍රදේශයේ පදිංචි විවාහකයෙකු බව පොලීසිය කීය.

ඝාතනය සිදුකර ඇති පුද්ගලයා ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවත් සඳහන්.

මුදල් ආරවුලක් හේතුවෙන් එය සිදුකර ඇති බව මෙතෙක් කළ පරීක්ෂණවලදී හෙළි වී ඇත.

පිහි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා පොලීසිය අසලට දිවවිත් ඇති බවත් පොලීසියේ මැදිහත්වීමෙන් ඔහුව හොරණ මූලික රෝහලට ඇතුළු කර ඇති බවත් එහිදී ඔහු මියගොස් ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.