29 C
Colombo
Sunday, July 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලක්ෂ 50ක රන් භාණ්ඩ සමඟ 'ඇඩා' අත්අඩංගුවට

ලක්ෂ 50ක රන් භාණ්ඩ සමඟ ‘ඇඩා’ අත්අඩංගුවට

දිවයින පුරා ලියාපදිංචි අපරාධකරුවෙක් වූ මහේශ් කුමාර නොහොත් ‘ඇඩා’ ලක්ශ 50 කට අධික රත්තරං බඩු සමඟ තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහේශ් කුමාර පෙරේරා නොහොත් ඇඩා වසර 8 ක් බන්ධනාගාරව සිට නිදහස ලබා දැනට මාස හතරක් යන්නටත් මත්තෙන් තලංගම, තලාහේන, මුල්ලේරියාව, පෙතියාගොඩ ඇතුළු ප්‍රදේශ කිහිපයක මෙම රත්තරං කොල්ලය සිදුකර තිබෙනවා.

අත්අඩන්ගුවට ගත් අවස්ථාවේ සැකකරු සන්තකයේ තිබී අයිස් ග්‍රෑම් 10.4ක්ද හමු වී ඇති අතර ඔහු රැඳවුම් නියෝග මත ප්‍රශ්න කර අද කඩුවෙල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.