30 C
Colombo
Thursday, April 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsබන්ධනාගාර සිර මැදිරියේ සිටි රැඳවියෙක් දිවි හැරයයි

බන්ධනාගාර සිර මැදිරියේ සිටි රැඳවියෙක් දිවි හැරයයි

පුත්තලම බන්ධනාගාර සිර මැදිරියේ රඳවා සිටි පුද්ගලයෙකු ගෙල වැළලාගෙන ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද (05) උදෑසන මෙලෙස සිය දිවි හානි කරගෙන ඇත්තේ යතුරුපැදි සොරකමක් සඳහා හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට රැගෙන විත් තිබූ රැඳවියෙක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

33 හැවිරිදි මෙම පුද්ගලයා වාරියපොළ ගනේවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ නොරොච්චෝල පොලිසිය විසින්.

මියගිය පුද්ගලයාගේ දේහය පුත්තලම මූලික රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතයි.