26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලංකාවේ රිළවු තවත් රටවලින් ඉල්ලයි

ලංකාවේ රිළවු තවත් රටවලින් ඉල්ලයි

රටවල් කිහිපයකම සත්වෝද්‍යාන සඳහා මෙරට Tonque macaque නමින් හඳුන්වන රිළවු ලබා දෙන ලෙස ශ්‍රී ලංකාවෙන් ඉල්ලීම් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (05) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ චීනය හැරුණු විට රටවල් කිහිපයකම තානාපති කාර්යාලවලින් මෙම ඉල්ලීම් ලැබුණු බවයි.

එහෙත් වඳුරන් අපනයනය කිරීම අභියෝගයට ලක් කරමින් සත්ත්ව හිමිකම් සංවිධාන සහ ක්‍රියාකාරිකයන් විසින් පෙත්සමක් ගොනු කර ඇති බැවින් එම අපනයනය කිරීම නතර කළ බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ.