― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNews'නිපා' නිසා මෙරට ඌරු මස් භාවිතය පහළට

‘නිපා’ නිසා මෙරට ඌරු මස් භාවිතය පහළට

මෙරට ඌරු මස් පරිභෝජනය අඩු වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයක මේ දිනවල පැතිර යමින් තිබෙන නිපා වෛරසය මීට හේතු වී ඇති බවයි ඔවුන් පවසන්නේ.

මේ හේතුවෙන් ඌරු මස් නිෂ්පාදන කර්මාන්තකරුවන් ගැටලු රැසකට මුහුණපා සිටින බව ද කෘෂිකර්ම අමාත්‍යාංශයේ පශු සම්පත් සංවර්ධන අංශයේ නිලධාරීන් කෘෂිකර්ම අමාත්‍යවරයාට දැනුම් දී තිබේ.

එම වෛරසය ශ්‍රී ලංකාවට ඇතුළුවීමේ අවධානමක් නොමැති බවත්, එම නිසා ඌරු මස් පරිභෝජනයට බිය විය යුතු නැති බවත් ඔවුන් අවධාරණය කළේය.