29.5 C
Colombo
Monday, September 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපොලිස් ලොක්කෙකුගේ පුතා පැද වූ රියට කොස්තාපල් යටවෙයි

පොලිස් ලොක්කෙකුගේ පුතා පැද වූ රියට කොස්තාපල් යටවෙයි

කොළඹ නිදහස් චතුරස්‍රය ආසන්න නිදහස් වටරවුමේ සිදු වූ මෝටර් රථ අනතුරකින් පොලිස් නිලධාරියෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.

කුරුඳුවත්ත පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරියෙකු අද පස්වරුවේ රථ වාහන මෙහෙයවීමේ රාජකාරියේ නිරත වෙමින් සිටියදීයි මෙම අනතුරට ලක්වී ඇත්තේ.

ඉදිරියෙන් පැමිණි මෝටර් රථයක් එම නිලධාරියා ද අනතුරට ලක් කරමින් වටරවුමේ පිහිටි වතුර මල මත නතරවී තිබෙනවා.

උසස් පොලිස් නිලධාරියෙකුගේ පුතෙකු පැදවූ බව කියන මෙම සුඛෝපභෝගී මෝටර් රථය ගැටීමෙන් තුවාල ලබා ඇත්තේ කුරුඳුවත්ත පොලිසියේ කොස්තාපල්වරයෙක්.

මෝටර් රථය පැදවූ රියැදුරු වන උසස් පොලිස් නිලධාරියාගේ පුත්‍රයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලිසියේ විශේෂ කණ්ඩායමක් පැමිණ පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

බරපතල තුවාල ලැබූ පොලිස් නිලධාරියා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි