― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsAccidentකොළඹ 7 රිය අනතුරක් - කොස්තාපල්වරයෙක් ජීවිතක්ෂයට

කොළඹ 7 රිය අනතුරක් – කොස්තාපල්වරයෙක් ජීවිතක්ෂයට

කොළඹ – කුරුඳුවත්ත ප්‍රදේශයේ නිදහස් චතුරශ්‍රය ආසන්නයේ දී ඊයේ (05) පස්වරුවේ සිදුවූ රිය අනතුරින් තුවාල ලබා සිටි පොලිස් නිලධාරියා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එම පොලිස් කොස්තාපල්වරයා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී අද (06) අලුයම් කාලයේදී මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මෙලෙස මියගොස් ඇත්තේ වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 25ක රථවාහන අංශයේ පොලිස් නිලධාරියෙක්.

අදාළ පොලිස් නිලධාරියා රාජකාරියේ නිරතවී සිටිය දී මෝටර් එකවරම කඩාවැදුණු මෝටර් රථයක් එම නිලධාරියා යට කරගෙන CCC ක්‍රීඩාංගණය අසළ වටරවුමේ ජල පොකුණට ගොස් නතර වී තිබුණා.

අනතුර සිදුකළ සුඛෝපභෝගී මෝටර් රථය පදවා ඇත්තේ තොරතුරු තාක්ෂණ ඉංජිනේරුවෙකු ලෙස කටයුතු කරන පුද්ගලයෙක් බවයි තොරතුරු වාර්තා වුණේ.

සැකකාර 27 හැවිරිදි පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු නාරාහේන්පිට ප්‍රදේශයේ පදිංචි අයෙක්. සැකකරුගේ පියා මීට වසර ගණනාවකට පෙර එවකට හිටපු පොලිස්පතිවරයාගේ ඉල්ලීමක් මත ප්‍රසව හා නාරි වෛද්‍යවරයෙකු ලෙස ස්වේච්ඡාවෙන් පොලිස් රෝහලේ සේවය කර ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ.

එහිදී එම වෛද්‍යවරයාට උප සේවා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිලය ලබාදී ඇති අතර එම වෛද්‍යවරයා මීට වසර ගණනාවකට පෙර පොලිස් රෝහලේ සේවයෙන් ඉවත්ව ඇති බවයි පොලීසිය වැඩිදුරටත් පවසන්නේ.