― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsසිවු මස් බිළිඳියට හදි කළ පියා අත්අඩංගුවට

සිවු මස් බිළිඳියට හදි කළ පියා අත්අඩංගුවට

මාස 04ක් වයසැති තම බිළිඳියට බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකිරීම සම්බන්ධයෙන් 31 හැවිරිදි පියෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොනරාගල පොලිස් වසමට අයත් සිරිගල, මොණරකැළේවත්ත (උඩකොටස) පදිංචි 31 හැවිරිදි අයෙක් බවයි.

ඊයේ (05) උදෑසන බිළිඳියගේ මව දරුවා බලාගන්නා ලෙස ස්වාමිපුරුෂයාට පවසා නිවසෙන් පිටව ගොස් ඇති අතර ටික දුරක් යනවිට ඇයට ඇසී ඇත්තේ දරුවා නොනවත්වා හඬන බවයි.

එමනිසා ඇය ආපසු නිවසට පැමිණ බලන විටදී ස්වාමිපුරුෂා බිම වාඩි වී දරුවා ඔඩොක්කුවේ තබාගෙන බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකරන ආකාරය දැක තිබේ.

ඉන්පසු ඇය සැමියාට පහර දී දරුවාද රැගෙන මොණරාගල පොලීසියට මේ බව පැමිණිලි කර තිබේ.

ඒ අනුව ක්‍රියාත්මක වූ පොලීසිය සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

බිළිඳිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබේ.