― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඋත්සව සමයේ දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කළ යුතුයි - සෞඛ්‍ය අංශ

උත්සව සමයේ දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කළ යුතුයි – සෞඛ්‍ය අංශ

උත්සව සමයේ ජනතාව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් සම්බන්ධයෙන් දැඩිව අවධානය යොමු කළ යුතුව ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

කොවිඩ් රෝග වැළැක්වීමේ ජාතික සම්බන්ධීකාරක විශේෂඥ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පැවසුවේ , අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් සංචරණ කටයුතුවල යෙදීමට ජනතාව පියවර ගත යුතු බවයි.

මේ වන විට දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1200 ක් පමණ වන බව ද ඔහු පැවසුවේ ය.

විදේශයන්හි සිට පැමිණෙන සංචාරකයින් සඳහා ගුවන්තොටුපොළේදී හෙට (01) සිට නව ක්‍රමවේදයක් ක්‍රියාත්මක බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය ජී.විජේසූරිය මහතා පැවසුවේ ය.

එම ක්‍රියාමාර්ගය මෙරට සිට විදෙස්ගත වන සංචාරකයින් සඳහා මෙතෙක් ක්‍රියාත්මක නොවන බව ද ඔහු පැවසුවේ ය.