28.4 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනිල්වලා ගඟේ ආරක්ෂක බැමි ගැන දැනුම්දීමක්

නිල්වලා ගඟේ ආරක්ෂක බැමි ගැන දැනුම්දීමක්

නිල්වලා ගඟේ ද්‍රෝණිය අවට පහත්බිම්වලට තවදුරටත් ගංවතුර පවතින අතර වර්ෂාව වැඩිවුවහොත් එය සුළු වශයෙන් වර්ධනය විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව සැලකිය යුතු ඉහළ වර්ෂාවක් ලැබුණොත් නිල්වලා ගඟේ ගංවතුර ආරක්ෂක බැමි, ඇතැම් ස්ථානවලින් ජලය උතුරායෑමේ අවදානමක් මතුවන බවට එම දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇත.

මේ වනවිට පවතින අයහපත් කාලගුණය හමුවේ වැඩිම ජලගැලීම් වාර්තා වන්නේද මාතර දිස්ත්‍රික්කයට වන අතර අකුරැස්ස, අතුරලිය, කඹුරුපිටිය, තිහගොඩ, මාලිම්බඩ සහ මාතර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාව අවධානයෙන් පසුවිය යුතු බව එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.