― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsකොළඹ හතේ අනතුරින් මියගිය කොස්තාපල්ට උසස්වීමක්

කොළඹ හතේ අනතුරින් මියගිය කොස්තාපල්ට උසස්වීමක්

ඊයේ (05) සවස නිදහස් චතුරශ්‍රයේදී වාහනයකට යට වීමෙන් මිය ගිය පොලිස් කොස්තාපල්වරයා සැරයන් නිලයට උසස් කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ මෙලෙස ජීවිතක්ෂයට පත් වූයේ කොළඹ, කුරුඳුවත්ත නිදහස් වටරවුමේ රථවාහන හැසිරවීමේ රාජකාරියේ නිරතව සිටි කොස්තාපල්වරයෙක් බවයි.

ඔහු සුඛෝපභෝගී මෝටර් රථයක ගැටීමෙන් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (06) අලුයම ජීවිතක්ෂයට පත් විය.

මෙම අනතුර සිදු කළ මෝටර් රථයේ රියදුරු ඊයේ පස්වරුවේ කුරුදුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.