අනුරාධපුරයේ පදිංචි යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අවසන් වසර සිසුවෙකු අතුරුදහන්ව ඇති බවට ඔහුගේ දෙමව්පියන් ඊයේ (05) යාපනය පොලීසියට පැමිණිලි කර තිබෙනවා.
ඔහුගේ ජංගම දුරකතනය දින කීපයක සිට අක්‍රිය වී තිබීම නිසා සිසුවාගේ දෙමව්පියන් යාපනය විශ්ව විද්‍යාලයට පැමිණ ඔහු ගැන සොයා බලද්දී ඔහු ගැන කිසිම තොරතුරක් නොමති නිසා ඒ සම්බන්ධයෙන් දෙමව්පියන් මෙසේ පොලිසියට පැමිණිලි කර ඇති බවයි වාර්තා වන්නේ.
යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට අයත් නේවාසිකාගාරයක සිට ඇති සිසුවාට සිදු වූයේ කුමක්ද යන්න නොදන්නා බවයි ඔහු සමග සිටි මිතුරන් පැවසූ බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.