― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsකොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 15ක ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 15ක ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද(07) පැය 15 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

අඹතලේ ජල සැපයුම වැඩි දියුණු කිරිමේ බලශක්ති සංරක්ෂන ව්‍යාපෘතිය මඟින් සිදු කරන වැඩි දියුණු කිරීමේ කටයුත්තක් ජල සැපයුම අත්හිටුවීමට හේතුවී ඇතැයි, ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලය නිවේදනය කළා.

ඒ අනුව කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට අද පස්වරු 05 සිට හෙට පෙරවරු 08 දක්වා පැය 15 ක් ජල සැපයුම අත්හිටුවයි.