29 C
Colombo
Thursday, April 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඅල්ලස් ගත් කැණීම් ඉංජිනේරුවරයා සහ ඔහුගේ රියදුරුට වැඩ වරදී

අල්ලස් ගත් කැණීම් ඉංජිනේරුවරයා සහ ඔහුගේ රියදුරුට වැඩ වරදී

අල්ලස් ලබා ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ හම්බන්තොට කාර්යාලයේ කැණීම් ඉංජිනේරුවරයා සහ ඔහුගේ රියදුරු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

හම්බන්තොට ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් පවත්වාගෙන ගිය වැලි කැණීම් ව්‍යාපාරය බාධාවකින් තොරව ඉදිරියට පවත්වාගෙන යැමට යෑමට අවශ්‍ය නම් ඒ සඳහා ඔවුන් ව්‍යාපාරිකයාගෙන් රුපියල් ලක්ෂ 5ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා තිබෙන අතර ඉන් රුපියල් ලක්ෂ 2ක් කැණීම් ඉංජිනේරුවරයා සහ තවත් රුපියල් 150,000ක් රියදුරා අල්ලස් වශයෙන් ලබා ගෙන තිබෙනවා.

පෙරේදා අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.