25.6 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිදේශ ප්‍රේෂණවල 68.8%ක වර්ධනයක්

විදේශ ප්‍රේෂණවල 68.8%ක වර්ධනයක්

මෙම වසරේ මුල් මාස 09 තුළ ඉකුත් වසරේ එම කාලයට සාපේක්ෂව විදේශ ප්‍රේෂණ ප්‍රමාණය 68.8%ක වර්ධනයක් පෙන්නුම් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

ට්විටර් පණිවුඩියක් නිකුත් කරමින් අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙම වසරේ මුල් මාස 09 තුළ විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකා ඩොලර් මිලියන 4345.1ක් ලෙස දැක්වෙන බවයි.

පසුගිය 2022 වසරේ එම කාලය තුළ ප්‍රේෂණ ප්‍රමාණය දැක්වුණේ ඩොලර් මිලියන 2574.7ක් ලෙසින්.

මෙම වසරේ සැප්තැම්බර් මාසය තුළ පමණක් ඇමරිකා ඩොලර් මිලියන 482.4ක ප්‍රේෂණ ප්‍රමාණයක් ලැබී ඇති අතර ඉකුත් වසරේ සැප්තැම්බර් මාසය තුළ එම අගය දැක් වුණේ ඇමරිකා ඩොලර් මිලියන 359.3ක් ලෙසටයි.

මෙම වැඩිවීම විදේශ විනිමය සංචිත ශක්තිමත් කිරීමට සහ විනිමය අනුපාතිකය ස්ථාවර කිරීමට උපකාරී වන අතර වෙළෙඳ හිඟය පියවා ගැනීමට සහ වේගවත් ප්‍රකෘතිමත් වීම සඳහා ගෙවුම් ශේෂය ශක්තිමත් කිරීමට මෙන්ම ආර්ථික වර්ධනයට හේතු වනු ඇතැයි අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කර තිබෙනවා.