― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඝාතනයකට සූදානමින් සිටි හමුදා සෙබළෙකු සහ හිටපු හමුදා සාමාජිකයෙක් අත්අඩංගුවට

ඝාතනයකට සූදානමින් සිටි හමුදා සෙබළෙකු සහ හිටපු හමුදා සාමාජිකයෙක් අත්අඩංගුවට

මනුෂ්‍ය ඝාතනයකට සූදානමින් සිටි බවට සැක කෙරෙන යුද හමුදා සාමාජිකයෙකු සහ හිටපු යුද හමුදා සෙබළෙකු පිස්තෝල වර්ගයේ ගිනි අවියක් සමග පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (07) රාත්‍රී ඇල්පිටිය පොලිසියට ලැබුණු තොරතුරකට අනුවයි වැටලීම සිදුකර ඇත්තේ.

එහිදී පිටුවල සමගි මාවත ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණ සිටි සැකකරුවන් දෙදෙනා පිස්තෝල ගිනි අවියක්, ජීව උණ්ඩ 10ක්, ජංගම දුරකථන 3ක් සහ ව්‍යාජ අංක තහඩු 2ක් ද සමගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අවුරුදු 22 සහ 31 වයස්වල පසුවන මෙම සැකකරුවන් දෙදෙනා මීටියාගොඩ නවගම ප්‍රදේශයේ පදිංචිකරුවන්.

එක් අයෙක් දැනට යුද හමුදාවට අනුයුක්තව සේවය කරනු ලබන අතර අනෙක් පුද්ගලයා දැනට යුද හමුදා සේවයෙන් ඉවත් කරන ලද අයෙක් බවට හෙළිවී තිබෙනවා.

මොවුන් දෙදෙනා පුද්ගලයෙකු ඝාතනය කිරීමට සූදානම් වී අදාළ ස්ථානයට පැමිණ ඇති අතර එම පුද්ගලයාගේ නිවස ආසන්නයේ රැඳී සිටින බවටයි ඇල්පිටිය පොලිසියට තොරතුර ලැබී තිබී ඇත්තේ.

එහිදී ක්ෂණිකව ක්‍රියාත්මක වී පොලිසිය වැටලීම සිදුකර තිබුණා.

සේවයේ නියුතු යුද හමුදා සෙබළා නිවාඩු ලබා පැමිණ සිටින අතර මෙම අපරාධයට පැමිණ ඇති බවටත් තවත් අවස්ථාවක වෙනත් ස්ථානයක ද මෙලෙස මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට සැලසුම් කර ගොස් සිටියදී එය අසාර්ථක වී ඇති බවට ද පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

ඊයේ සිදු කිරීමට සැලසුම් කළ ඝාතනය විදේශයක සිට කිසියම් අයෙක් මෙහෙයවා ඇති බවටයි වැඩිදුර විමර්ශනයේදී හෙළිවී ඇත්තේ.

මේ සම්බන්ධයෙන් ඇල්පිටිය මූලස්ථාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.