― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsනිවස හිමි කාන්තාවගේ දිවි තොර කර මෙහෙකරුවා පැනගිහින්

නිවස හිමි කාන්තාවගේ දිවි තොර කර මෙහෙකරුවා පැනගිහින්

ගෙල කඹයකින් ගැටගසා පහර දී කාන්තාවක ඝාතනය කර ඇති බවට අද (08) උදෑසන බේරුවල පොලිසියට තොරතුරක් ලැබී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ බේරුවල, හෙට්ටිමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක් බවයි වාර්තා වුණේ.

මෙම කාන්තාවගේ පුතා සහ ලේලිය විදේශ ගතව සිටින බැවින් ඇය මෙහෙකරු සමඟ නිවසේ ජීවිත්ව සිට ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකකෙරෙන නිවසේ මෙහෙකරු මේ වන විට පළාගොස් ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භකර තිබෙනවා.

දෙදෙනා අතර ඇති වූ පෞද්ගලික ආරවුලක් මෙම ඝාතනයට හේතු වී ඇති බවයි පොලිසිය සැක කරන්නේ.

ඝාතනය සම්බන්ධයෙන් කළුතර අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිළධාරීන් සහ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමට නියමිත බව උසස් පොලිස් නිළධාරීයෙක් සඳහන් කළා.