25.6 C
Colombo
Friday, May 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsආරවුලක් නිසා යතුරුපැදි 3කට ගිනි තියලා

ආරවුලක් නිසා යතුරුපැදි 3කට ගිනි තියලා

යාපනය චුන්නාකම් කට්ටුවාන් ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඊයේ (07) රාත්‍රියේ ඇති වූ ගැටුමක් හමුවේ යතුරුපැදි 3ක් ගිනිගෙන සම්පූරණයෙන්ම විනාශ වී තිබෙනවා.

පුන්නාලෙයි කට්ටුවාන් ප්‍රදේශයේ දෙපිරිසක් අතර මීට මාසයකට පමණ පෙර සිට මෙම ආරවුල හටගෙන තිබූ බව සඳහන්.

ඊයේ රාත්‍රියේ විදෙස්ගතව සිට පැමිණි අයෙකුගේ නිවසකට පැමිණි පිරිසක් විසින් එම නිවැසියාගේ ගෙමිදුලේ නවතා තිබූ යතුරුපැදි දෙකක් රැගෙන මාර්ගයට ගොස් ගිනි තබා විනාශ කර තිබෙනවා.

පසුව අදාළ නිවැසියා ඇතුලු ප්‍රදේශවාසීන් විසින් ගිනි තැබූ පිරිස් පසුපස ලුහුබැඳීම හේතුවෙන් එම පිරිස පැමිණි යතුරුපැදියක් ද දමා පලා ගොස් තිබුණා.

එහිදී එම යතුරුපැදිය ද නිවැසියන් ඇතුලු ප්‍රදේශවාසීන් ගිනි තබා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම ආරවුලෙන් කිසිවෙකුටත් හානි සිදුව නොමැති අතර පොලිසිය විසින් අදාළ ගැටුමට සම්බන්ධ පිරිස් සොයා පරික්ෂණයක් ආරම්භ කර තිබෙනවා