23.9 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජැක්සන්ගේ මරණය ගැන ප්‍රශ්නයක් තියෙනවා - සෝමරත්න

ජැක්සන්ගේ මරණය ගැන ප්‍රශ්නයක් තියෙනවා – සෝමරත්න

ජැක්සන් ඇන්තනීගේ මරණය සම්බන්ධයෙන් වෛද්‍යවරුන් විසින් පැහැදිලි කිරීමක් සිදුකළ යුතු බව ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සෝමරත්න දිසානායක පවසනවා.

ජැක්සන් ඇන්තනීගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ඔහුගේ දේහය තැන්පත් කර ඇති බොරැල්ල ප්‍රදේශයේ පිහිටි මල්ශාලාව වෙත පැමිණ අවස්ථාවේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

එහිදී සෝමරත්න දිසානායක සඳහන් කර සිටියේ ජැක්සන් ඇන්තනීට සිදුකළ පළමු ශල්‍යකර්මයෙන් පසු ඔහු සුව අතට පත්ව එහි සිටි පිරිස සමඟ කතාබහ ද කළ බවයි.

එහෙත් ඊට පසු ඔහු මෙලෙස මරණීය තත්ත්වයකට පත්වීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් පවතින බව සෝමරත්න දිසානායක මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩිදුරටත් සඳහන් කර සිටියා.