― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsපුටින් දරුණු න්‍යෂ්ටික යුද්ධයකට අර අදියි

පුටින් දරුණු න්‍යෂ්ටික යුද්ධයකට අර අදියි

රුසියාවේ න්‍යෂ්ටික ප්‍රහාර වැළැක්වීමේ හමුදා බළකායට සීරුවෙන් සිටින ලෙස ජනපති පුටින් නියෝග කර තිබේ.

මේ වන විට යුක්‍රේනයේ කියුව්, කාර්කිව් ඇතුළු රට පුරා ප්‍රදේශ රැසක තවදුරටත් දරුණු ප්‍රහාර එල්ල කරමින් සිටී.

මේ අතර, බෙලරුස් ජනාධිපති අලෙක්සන්දර් ලුකශෙන්කෝ සමග පැවති දුරකථන සාකච්ඡාවකින් අනතුරුව එම තීරණය ගෙන ඇති බව විදෙස් වාර්තා පැවසුවේය.

පෙර කොන්දේසි රහිතව පැවැත්වෙන සාකච්ඡාවකට එක්වීම සඳහා තමන් එකඟ වන බව යුක්‍රේන ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති බව සඳහන්ය.

කෙසේවෙතත් රුසියාවේ න්‍යෂ්ටික හමුදා සිරුවෙන් තබන ලෙස ව්ලැද්මීර් පුටින් සිදුකළ නියෝගයට අමෙරිකාව ප්‍රතිචාර දක්වා තිබේ.

එක්සත් ජාතීන්ගේ එක්සත් ජනපද තනාපතිනි ලින්ඩා තෝමස් ග්‍රීන් ෆිල්ට් පවසා ඇත්තේ එම පියවර පිළිගත නොහැකි තත්ත්වයක් බවය.

රුසියානු ජනාධිපතිවරයා එම යුද්ධය අඛණ්ඩව තීව්‍රර කරමින් පවතින බවද ඇය ප්‍රකාශ කර තිබේ.

මේ අතර යුක්‍රේන වැසියන් මරා දමා ඒ සොහොන් මත සූරියකාන්ත මල් වවන ලෙස රුසියානු සොල්දාදුවන්ට බැන වදින වීඩියෝවක් ද මේ දින වල සමාජ මාධ්‍ය වල සංසරනය වනවා.

ඒ කාන්තාව විසින් සූරියකාන්ත මල් ඇට ගෙන ගොස් රුසියානු සොල්දාදුවන්ට දෙන ආකාරයත් උස් හදින් බැන වදින ආකාරයත් මේ දර්ශනවල අඩංගු වුනා.මේ කාන්තාව ඉතා නිර්භය ලෙස කල මේ ඉදිරිපත් වීම ලෝකයේම කථාබහට ලක් වුනා.