ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය සහ මහජන චීන සමූහාණ්ඩුවේ ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව අතර අවබෝධතා ගිවිසුමකට එළඹීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
මෙම ගිවිසුමට අත්සන් තැබීම සඳහා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත ඇත.
ඒ අනුව නිෂ්පාදන ධාරිතාවය සහ ආයෝජන සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සඳහා මෙම අවබෝධතා ගිවිසුමට එළඹෙන බවයි රජය පවසන්නේ.


