23.9 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකටුනායක ගුවන්තොට ඩිජිටල් වෙයි

කටුනායක ගුවන්තොට ඩිජිටල් වෙයි

මෙතෙක් කළක් කඩදාසි මාධ්‍ය උපයෝගී කර ගෙන පවත්වා ගෙන ගිය ගගන නාවික තොරතුරු සන්නිවේදන ක්‍රියාවලිය අද (10) දිනයේ සිට ඩිජිටල්කරණය කර තිබෙනවා.

ඒ අනුව ගුවන් ගමන් සදහා ගුවන් නියමුවන්ට සහ ගුවන් ගමන් පාළකවරුන්ට අත්‍යාවශ්‍ය වන ‘ගගන නාවික තොරතුරු ප්‍රකාශනය’ මින්පසු අන්තර්ජාලය ඔස්සේ ඩිජිටල්කරණය වෙමින් ඔවුන් අතට පත් වීම සිදුවනවා.

එමෙන්ම ගුවන් ගමනක දී අනිවාර්ය ලේඛනයක් වන පියාසර සැළසුම ගුවන් ගමන් නිවැරැදිව ක්‍රියාත්මක කිරීම සදහා අවශ්‍ය වන ගගන නාවික තොරතුරු හුවමාරු කර ගැනීමේ දත්ත ගබඩාව ලෙස ද මෙම නව ඩිජිටල්කරණ පරිගණක පද්ධතිය ක්‍රියාත්මක වීමට නියමිතයි.

ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ නිර්දේශ අනුව සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම විසින් රුපියල් බිලියන 1.2 ක් වැයකර ප්‍රංශයේ එම්.එස්.තෙල්ස් සමාගම විසින් නිෂ්පාදිත මෙම පද්ධතිය කටුනායක ගුවන්තොටුපොළ තුළ ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබෙනවා.

ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය මෙම පද්ධතිය කටුනායක ගුවන් තොටුපොළ තුළ ස්ථාපිත කිරීම සදහා එළඹෙන 2025 වසර තෙක් කල් ලබා දී තිබූ අතර එම කාලයට පෙර මෙම පද්ධතිය කටුනායක ගුවන් තොටුපොළ තුළ ස්ථාපිත කිරීමට හැකියාව ලැබුණා.

මේ වනවිට යුරෝපය, ඇමෙරිකානු සහ ඕස්ට්‍රේලියානු මහාද්වීප තුළ ගුවන් ගමන් හැසිරවීම සදහා මෙම ඩිජිටල්කරණ පද්ධති භාවිත කරන අතර ආසියා ෆැසිපික් කළාපයේ මාලදිවයින, ඉන්දුනීසියාව සහ භූතානය ‍යන රටවල් තවමත් තම ගුවන් සීමා කළාපවල ගුවන් යානා හැසිරවීම සදහා මෙම තාක්ෂණය භාවිත කරන්නේ නැහැ.

මේ මගින් ගුවන් යානා සහ එහි ගමන් ගන්නා මගීන්ගේ සුරක්ෂිතභාවය වැඩි දියුණු කිරීමට සමත්ව තිබෙනවා.

මෙම පද්ධතිය සදහා ජාත්‍යන්තර අයි.එස්.ඕ 9001 – 2015 තත්ව සහතිකය ද බ්‍රිතාන්‍යයේ අනුමත සමාගමක් විසින් ලබා දී ඇති බව සඳහන්.

මෙම පද්ධතිය මගින් රත්මලාන සහ මත්තල ගුවන්තොටුපොළ වෙතද අවශ්‍ය සේවා සම්පාදනය කරනු ලබනවා.