පැලවත්ත – බදුරලිය මාර්ගයේ ගල්කඩුව ප්‍රදේශයේ ඇළක තිබී පුද්ගල මළ සිරුරක් අද (10) සවස හමු වූ බව මීගහතැන්න පොලීසිය පවසයි.
පොලිසිය වෙත ලද තොරතුරක් අනුව මෙම මළ සිරුර සොයාගෙන ඇති අතර එය පසුගිය 04 වැනිදා ආගිය අතක් නොමැති බවට මීගහතැන්න පොලිසිය වෙත පැමිණිලි කරන ලද පැලවත්ත, වනහලුගොඩ ප්‍රදේශයේ පදිංචි බටුවත්ත ගමගේ යසිදු උදාර නැමැති 37 හැවිරිදි එක්දරු පියෙකුගේ බවට හඳුනාගෙන ඇති බවයි පොලීසිය පවසන්නේ.
මෙම පුද්ගලයා මානසික රෝගයක් සඳහා කරාපිටිය රෝහලෙන් ප්‍රතිකාර ලබමින් සිටි අයෙකු බවත් පසුගිය 04 වැනිදා උදෑසන සිට ආගිය අතක් නොමැති බවට ඔහුගේ බිරිඳ විසින් පොලීසිය වෙත පැමිණිළි කර තිබූ බවත් පොලීසිය පවසයි.
මළ සිරුර හදිසි මරණ පරීක්ෂණය සඳහා යොමු කිරීමට නියමිතය.


