― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsජපානයෙන් ශ්‍රී ලංකාවට ආහාර තොගයක්

ජපානයෙන් ශ්‍රී ලංකාවට ආහාර තොගයක්

ජපාන රජය විසින් නිල වශයෙන් මෙරටට ආහාර ද්‍රව්‍ය ලබා දීමේ වැඩපිළිවෙලක් ඊයේ (10) ක්‍රියාත්මක කර තිබේ.

ඒ අනුව එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන යටතේ ජපාන රජය විසින් ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් ආහාර ද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 7,270ක් ලබා දී ඇත.

පාසල් ළමුන් සඳහා ජපාන රජය විසින් රතු පරිප්පු ප්‍රදානය කිරීම සිදු වූ අතර එයින් පාසල් ළමුන් 960,000 කට පමණ ප්‍රතිලාභ ලැබෙන බවයි රජය පවසන්නේ.