― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමෙරට ආර්ථික ප්‍රතිසංස්කරණයට IMF පැසසුම්

මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණයට IMF පැසසුම්

මෙරට සිදු වන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ එක්සත් ජනපදයේ පැසසුම් හිමි ව තිබෙනවා.

මුදල් රාජ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රථම නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්‍ෂිකා ගීතා ගෝපිනාත් සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ අතර හමුවක් පැවැත්වුණු බවයි.

මෙම හමුවේදී ගීතා ගෝපිනාත් විසින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ලබා ඇති ප්‍රගතිය සම්බන්ධයෙන් අගය කිරීම් සිදු කළා.

ණය තිරසාරභාව ප්‍රතිස්ථාපනය කිරීමට ශ්‍රී ලංකාව තුළ දරන ප්‍රයත්න සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පූර්ණ සහයෝගය ද ලබාදෙන බවට ඇය තහවුරු කළ බවයි මුදල් ‍රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

දූෂණ විරෝධී ක්‍රියාමාර්ග හා පිළිගත් පාලන ක්‍රමවේද හඳුන්වාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ දැනට කරගෙන යන වැඩ කටයුතු පිළිබඳව ද එහි දී අවධානය යොමු වුණා.

මේ අතර එක්සත් ජනපද භාණ්ඩාගාරයේ නියෝජ්‍ය සහකාර ලේකම් රොබට් කප්‍රෝත් සහ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා අතර හමුවක් ද පැවැත්වුණා.

ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන ආර්ථික ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය සහ යහපාලනය තහවුරු කිරීම සඳහා ගෙන ඇති මෑතකාලීන පියවර පිළිබඳවයි එහිදී සාකච්ඡා කෙරුණේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ ව අවධානය යොමු කෙරුණා. එක්සත් ජනපද රජය ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය දෙන බවට සහතික වීම සතුටට කරුණක් බවයි මෙහිදී මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ වැඩිදුරටත් පැවසුවේ.