― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමාළිගාකන්ද වෙඩි තැබීමට සැකපිට තිදෙනෙක් අල්ලයි

මාළිගාකන්ද වෙඩි තැබීමට සැකපිට තිදෙනෙක් අල්ලයි

මාළිගාකන්ද ප්‍රදේශයේදී කුඩා දැරියකට මරු කැඳවූ වෙඩි තැබීමට සම්බන්ධ පුද්ගලයන් තුන්දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය සැප්තැම්බර් මස 17 වනදා යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු කළ වෙඩි තැබීමකින් ත්‍රීරෝද රථයක ගමන් කරමින් සිටි කොටහේන ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකු සහ ඔහුගේ අවුරුදු 6ක් වූ දියණිය තුවාල ලැබුවා.

ඔවුන් ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුවයි දැරිය මියගොස් තිබුණේ.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කෙනෙ අතර පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි අංශයේ නිලධාරීන් විසින් ඊයේ සවස වැලිකඩ ඔබේසේකරපුර ප්‍රදේශයේදී මෙම අපරාධයට සම්බන්ධ පුද්ගලයන් 3 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

ගිනි අවි ප්‍රවාහනයට සහ සැකකරුවන් පළා යාමට යොදාගත් ව්‍යාජ අංක තහඩු සහිත මෝටර් රථයක් ද සොයාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අවුරුදු 36, 61 සහ 62 වයස්වල පසුවන සැකකරුවන් රාජගිරිය සහ ඉරක්කාමම් ප්‍රදේශවල පදිංචිකරුවන්. සැකකරුවන් සහ නඩු භාණ්ඩ වැඩිදුර විමර්ශන සඳහා මරදාන පොලිසිය වෙත ඉදිරිපත් කර ඇති අතර මරදාන පොලිසියයි වැඩිදුර විමර්ශන සිදු කරනු ලබන්නේ.