― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNews2027දී සියලු ගුරුවරුන් පුහුණු උපාධිධාරීන් කිරීමට සැලසුම්

2027දී සියලු ගුරුවරුන් පුහුණු උපාධිධාරීන් කිරීමට සැලසුම්

2027 වසර වන විට සියලු‍ ගුරුවරුන් පුහුණුවක් සහිත උපාධිධාරී ගුරුවරුන් වශයෙන් පාසල් පන්ති කාමරවලට යැවීම සිය අපේක්ෂාව බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

මෙරට පෙර පාසල්, පාසල්, වෘත්තීය හා උසස් යන අධ්‍යාපන ක්ෂේත්‍ර හතර ම ජාත්‍යන්තර මට්ටමට සමගාමී ව සංවර්ධනය කරන බවයි අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේ.

පෙර පාසල් අධ්‍යාපනය, සාමාන්‍ය පාසල් අධ්‍යාපනය, වෘත්තීය පුහුණු අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය යන ක්ෂේත්‍ර හතර ම ලොව වෙනත් දියුණු රටවල පවතින අධ්‍යාපන ක්‍රමවේද අනුව එම පාඨමාලා හා සම්පත්වලට සමගාමී ව සංවර්ධනය කර ඉදිරියේ දී මෙරට අධ්‍යාපන පද්ධතිය ජාත්‍යන්තර තලයට රැගෙන යන බව ඔහු ප්‍රකාශ කළා.

කෝපායි ගුරු අභ්‍යාස විද්‍යාලයේ ශතසංවත්සර උත්සවයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබෙනවා.

මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියාසිටියේ මෙරට විද්‍යාපීඨ 19ත් ගුරු විද්‍යාල 8ත් ඒකාබද්ධ කර ගුරු අධ්‍යාපනය සඳහා ම වෙන් වුණු අධ්‍යාපන විශ්වවිද්‍යාලය ස්ථාපිත කරන බවයි. එහි දී කෝපායි ගුරු අභ්‍යාස විද්‍යාලයට යාපන අර්ධද්වීය තුළ කේන්ද්‍රස්ථානය හිමි වන බව ඔහු පෙන්වා දෙනවා.

උතුරු පළාත තුළ වෙසෙන ගුරු අභ්‍යාසලාභී විද්‍යාර්ථීන්ට එය වඩාත් ප්‍රශස්ථ අවස්ථාවක් වනු ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

එමගින් 2027 වසර වන විට සියලු‍ ගුරුවරුන් පුහුණුවක් සහිත උපාධිධාරී ගුරුවරුන් වශයෙන් පාසල් පන්ති කාමරවලට යැවීම සිය අපේක්ෂාව බව සිහිපත් කළ අමාත්‍යවරයා යාපන අර්ධද්වීපය තුළ සිට ම විධිමත් වෘත්තීය පුහුණු අවස්ථා ලබාගැනීම මගින් මෙරට හෝ විදෙස් රැකියා ලබාගැනීමට මෙන් ම ස්වයං රැකියාවක නිරත වීමේ පුළුල් ඉඩ ප්‍රස්ථා තවදුරටත් දරුවන්ට විවර කර දීමට සැලසුම් කර ඇති බවයි සඳහන් කළේ.