31 C
Colombo
Tuesday, April 29, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsගොවීන්ට මිලියන 490ක පැරෂුට් තැටි බෙදාදෙයි

ගොවීන්ට මිලියන 490ක පැරෂුට් තැටි බෙදාදෙයි

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් මෙවර මහ කන්නයේ අක්කර 8461ක් පැරෂුට් ක්‍රමයට වගා කිරීම සඳහා රුපියල් මිලියන 490ක් වටිනා පැරෂුට් තැටි ගොවි ජනතාවට නොමිලයේ ලබා දීම අරඹා තිබේ.

කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසුවේ සාමාන්‍ය ක්‍රමයට වී වපුරනවාට වඩා මෙම ක්‍රමය මගින් බිත්තර වී භාවිතය සියයට 50කින් අවම කරගත හැකි බවයි.

අවම පොහොර ප්‍රමාණයක් භාවිතා කිරීමට හැකිවීම, වල් මර්දනය සඳහා අමතර මුදලක් වැය නොවීම හා වල් මර්දනය සඳහා පළිබෝධනාශක යෙදීමට සිදු නොවීම මෙන්ම වැඩි අස්වැන්නක් ලබා ගැනීමට හැකිවීම නිසා මෙම ක්‍රමය ගොවි ජනතාවට වාසිදායක බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසන්නේ.

එමෙන්ම කෘෂිකර්ම අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙම පැරෂුට් තැටි වසර 10ක් කන්න 20ක් එක දිගට භාවිතා කළ හැකි වන අතර අක්කරයකට තැටි 400ක් අවශ්‍ය වන බවයි.

මෙම තැටි ලබා දීමේදී ගොවි ජනතාව එක් තැටියක් මිලදී ගත යුතු අතර රජය විසින් නොමිලයේ තැටි තුනක් ලබා දීමට පියවර ගෙන තිබේ.