විශේෂ නිපුණතා සහිත ශ්‍රී ලාංකික තරුණයින් හට SSW කාණ්ඩය යටතේ ජපානයේ රැකියා අවස්ථා ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ජපානයේ IM Japan ආයතනය අවබෝධතා ගිවිසුමකට එළඹ තිබේ.
ඊට අදාළ ගිවිසුමට ඊයේ (11) කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේදී අත්සන් තබා ඇති අතර ඒ සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙනුවෙන් එහි සභාපති ඒ.ඒ.එම්.හිල්මි සහ IM Japan ආයතනය වෙනුවෙන් එම ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂක Masnobu Komiya අත්සන් තබා තිබේ.
මෙමගින් සාත්තු සේවා, ආහාර සැකසුම් හා කෘෂිකාර්මික යන ක්ෂේත්රවලට අදාළ විශේෂ නිපුණතා සහිත (SSW) ශ්‍රි ලාංකික තරුණයින් හට ජපානයේ රැකියා අවස්ථා හිමිවන අතර තෝරාගන්නා ලද ශ්‍රමිකයින්ට වසර 5ක සේවා ගිවිසුම් කාලයක් හිමිවනු ඇති.
එම අවස්ථාවේදී කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර ඉල්ලා සිටියේ SSW යටතේ බදවා ගැනීම් සඳහා වන විභාග ක්‍රමය සරල කරන ලෙසයි.
ඊට යහපත් ප්‍රතිචාර දැක්වූ IM ජපන් නියෝජිතයින් ඒ සඳහා අදාල පාර්ශව සමග සාකච්ඡා කිරීමට එකඟත්වය පළ කර තිබීම විශේෂත්වයකි.