― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsබඹර ප්‍රහාරයකින් පාසල් ළමුන් 46ක් රෝහලේ

බඹර ප්‍රහාරයකින් පාසල් ළමුන් 46ක් රෝහලේ

පොත්තපිටිය ප්‍රදේශයේ පාසලක බඹර ප්‍රහාරයක් හේතුවෙන් ළමයින් 46 දෙනෙකු රෝහල් ගතකර තිබෙනවා.

අදාළ පාසලේ අඹ ගසක තිබූ බඹර කූඩුවක් ඇවිස්සීම හේතුවෙන් අද දහවල් මෙම සිසුන් බඹර ප්‍රහාරයට ලක්වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

තුවාල ලැබූ සිසුන් කැටපිටිය කඩුගන්නාව සහ පේරාදෙණිය රෝහල්වලට ඇතුලත් කර තිබෙනවා.

බඹර ප්‍රහාරයට ලක්වූ ළමයින් අවුරුදු 05ත් 10ත් අතර වයස්වල පසුවන බව සඳහන්.