― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsවහාම යුරෝපා සංවිධානයට බඳවගන්නැයි ජනපතිගෙන් ආයාචනයක්

වහාම යුරෝපා සංවිධානයට බඳවගන්නැයි ජනපතිගෙන් ආයාචනයක්

යුක්රේනයේ ජනාධිපති Volodymyr Zelensky නව විශේෂ පටිපාටියක් යටතේ යුක්රේනය වහාම යුරෝපා සංගමයට බඳවා ගන්නැයි එම සංගමයෙන් ඉල්ලීමක් කර තිබේ.

අද (28) පැවති දේශනයකදී ඔහු මෙම ඉල්ලීම සිදුකළේය. එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ,

“ඊයේ මම යුරෝපීය කොමිසමේ සභාපති Ursula von der Leyen සමඟ තවදුරටත් රටේ ආරක්ෂාව ශක්තිමත් කිරීමේ පියවර ගැන කතා කළෙමි. අපේ සොල්දාදුවන් අපේ රට සහ මුළු යුරෝපයම වෙනුවෙන් යුරෝපා සංගමයේ සියලුම රටවල් සඳහා සාමය සඳහා සටන් කරන බව යුරෝපීයයන් දනී.

නව විශේෂ ක්‍රියා පටිපාටියක් යටතේ යුක්රේනය වහාම ප්‍රවේශ වීම සඳහා අපි යුරෝපා සංගමයට ආයාචනා කරමු. අප සමඟ සිටීම ගැන අපගේ හවුල්කරුවන්ට අපි කෘතඥ වෙනවා. නමුත් අපගේ ඉලක්කය වන්නේ සියලුම යුරෝපීයයන් සමඟ සිටීම සහ වඩාත්ම වැදගත් දෙය ඔවුන් හා සමාන වීමයි. එය සාධාරණ බව මට විශ්වාසයි. ඒකට අප සුදුසුයි. මේ සියල්ල කළ හැකි බව මට විශ්වාසයි.”

යුක්රේනය ‘අපේ එකෙක්’ ලෙස සලකන බව යුරෝපා සංගමයේ සාමාජිකයෙකු ලෙස පිළිගැනීමට අවශ්‍ය බවත් යුරෝපීය කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේන් මින් පෙර ප්‍රකාශ කළමුත් එය 2030 දක්වා දීර්ඝ වැඩපිලිවෙළක් ලෙස හඳුන්වා තිබුණි.

එසේ වුවද විශේෂයෙන් කඩිනම් වැඩපිළිවෙල යටතේ යුක්රේනයට යුරෝපා සංගමයට බැඳීමට ඇති අවස්ථා ඇය තවම සඳහන් කළේ නැත. පසුගිය දිනවල රටවල් කිහිපයක් යුක්රේනයේ සාමාජිකත්ව අපේක්ෂාවන් ඉල්ලා සිටි අතර ස්ලෝවැකියාව, යුක්රේනය යුරෝපා සංගමයට ප්‍රවේශ වීම සඳහා විශේෂ ක්‍රියා පටිපාටියක් යෝජනා කර ඇත.

ආක්‍රමණ මැඩලීම සඳහා යුක්රේනයට මාරාන්තික අවි ලබාදීමටද යුරෝපා සංගමය එකඟ වී තිබේ. යුරෝපා සංගමය තුන්වන රටකට මෙවැනි ආධාර ලබාදුන් පළමු අවස්ථාව මෙයයි.