― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsජල විදුලි උත්පාදනය උපරිමයෙන්

ජල විදුලි උත්පාදනය උපරිමයෙන්

මධ්‍යම කඳුකරයේ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශයන් දෙකෙහි ජල මට්ටම පිටාර මට්ටමට ඉතා ආසන්න වී ඇති බව එම ජලාශයන් භාර ඉංජිනේරුවරුන් පවසති.

අදාළ ජලාශ දෙකේම ජල ධාරිතාව 98% දක්වා ඉහළ ගොස් ඇති බැවින් විමලසුරේන්ද්‍ර, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය සහ කැනියොන් යන ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කරන බවයි ඔවුන් පවසන්නේ.