― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsසරසවි සිසුවෙක් ගෙළ වැළලාගෙන මියයයි

සරසවි සිසුවෙක් ගෙළ වැළලාගෙන මියයයි

පෞද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය ලබන 17 හැවිරිදි සිසුවෙකු ඔහු පදිංචි නිවස ආසන්නයේ ගසක ගෙළ වැළලාගෙන සියදිවි හානි කරගෙන තිබෙනවා.

මතුගම පොලිසිය සඳහන් කළේ අද උදෑසන මෙම සිසුවා ඔහු පදිංචි නිවස පිටුපස ඇති රඹුටන් ගසේ අත්තක මෙලෙස ගෙළ වැළලාගෙන ඇති බවයි.ඔහු අද උදෑසන 5.30ට පමණ රඹුටන් ගසේ එල්ලී සිටින ආකාරය නිවැසියන් දැක සිසුවා මතුගම වෑත්තෑව රෝහල වෙත රැගෙන විටත් මිය ගොස් ඇතැයි පොලිසිය ප්‍රකාශ කළා.මෙම සිසුවා ප්‍රේම සම්බන්ධතාවක් මත මෙලෙස දිවි හානි කරගෙන ඇති බවට තොරතුරු අනාවරණය වන බවයි පොලිසිය සඳහන් කර ඇත්තේ.සිරුර පශ්චාත් මරණ පරික්ෂණ සඳහා නාගොඩ මහ රෝහලට යොමු කර තිබෙනවා. මතුගම පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරික්ෂණ සිදු කරනවා.