― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඉන්ධන නිකුත් කිරීම සීමා කෙරෙයි - උදය ගම්මන්පිල

ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරෙයි – උදය ගම්මන්පිල

පවතින තත්ත්වය හමුවේ ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන නිකුත් කිරීමේදී සීමා පැනවීමට සිදු වනු ඇතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (28) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
ඊළඟ ඉන්ධන නැව මෙරටට පැමිණෙන තෙක් වෙළෙඳපොළට නිකුත් කිරීමට සිදු වන්නේ සීමිත ඉන්ධන තොගයක් බව අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.

ඒ හේතුවෙන් විදේශ විනිමය වැය කිරීමේදී අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා ප්‍රමුඛතාව ලබා දෙනවා ද? යන්න සම්බන්ධයෙන් ආණ්ඩුව තීරණයක් ගත යුතු බව අමාත්‍යවරයා පැවසීය.

“මම ද ඇමතිවරයෙකු වන ආණ්ඩුව දැන් කළ යුත්තේ, ප්‍රමුඛතා හඳුනා ගනිමින් ඇපල්, මිදි, දොඩම් කාලා කළුවරේ ඉන්නවා ද? පිටරටින් වතුර ගෙනැල්ලා බීලා වාහන දුවන්න තෙල් නැතුව ඉන්නවා ද? නැත්නම් ඒවාට කැප කිරීම කරලා, අත්‍යවශ්‍ය භාණ්ඩ වන ඖෂධ සහ ඉන්ධනවලට අපේ සීමිත විදේශ විනිමය වැය කිරීමේදී ප්‍රමුඛතාව දෙනවා ද කියන ප්‍රශ්නය පිළිබඳ ආණ්ඩුව තීන්දුවක් ගත යුතු ම යි.

ඒ නොගැනීම නිසා තමයි, ඇපල්, මිදි ඇත. තෙල් ටික නැත. පිටරින් ගේන මීපැණි ඇත. ඒත් ඖෂධ නැත. මේ මොහොතේ ත් මුහුදේ තෙල් නැව් නවතාගෙන බලාගෙන සිටි යි. නැත්තේ ඩොලර් ය. අපි සතු තොග පහත බැහැලා තියෙනවා. ඒ නිසා ඊළඟ නැව එනතුරු අපිට සීමිත තොගයක් තමයි වෙළෙඳපොළට නිකුත් කරන්න සිද්ධ වෙන්නේ.

එහි අවසාන ප්‍රතිඵලය තමයි ඉන්ධන පිරවුම්හල්වලටත් සිද්ධ වෙනවා සීමිත ප්‍රමාණයක් විතරක් සෑම කෙනෙකුට ම ලබා දෙන්න. මේ දුෂ්කර මොහොතේ සැමට සහනය ලැබිය යුතු නිසා තමයි සීමා කිරීමක් සහිතව ඉන්ධන නිකුත් කරන්නේ.”