29 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමෙරට ළමුන් 56,000කට මන්දපෝෂණය

මෙරට ළමුන් 56,000කට මන්දපෝෂණය

ශ්‍රී ලංකාවේ ළමුන් 56,000 ක් උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන බව අනාවරණය වී තිබෙනවා.

ආර්ථික අර්බුදයේ බලපෑම අවම කිරීම සඳහා වූ ආංශික අධීක්ෂණ කමිටුව විසින් නිකුත් කළ වාර්තාවකයි මේ බව දැක්වෙන්නේ.

එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) විසින් ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයක මෙම තොරතුරු ප්‍රකාශයට පත් කර ඇති බව ආර්ථික අර්බුදයේ බලපෑම අවම කිරීම සඳහා වූ ආංශික අධීක්ෂණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ පැවසීය.

මෙරට වෙසෙන පවුල්වලින් තුනෙන් එකකට පමණ අත්‍යවශ්‍ය පෝෂ්‍යදායී ආහාර සඳහා ප්‍රවේශය නොමැති බව අධ්‍යයනයෙන් පෙන්වා දී ඇති බව ඔහු පැවසීය.