28.9 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඔලිම්පික් උළෙලට ක්‍රිකට් එක් කිරීමට අනුමැතිය

ඔලිම්පික් උළෙලට ක්‍රිකට් එක් කිරීමට අනුමැතිය

2028 වසරේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස්හි පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා ක්‍රිකට් ක්‍රීඩාව එක් කිරීමට නිල අනුමැතිය හිමිව තිබේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කළේ අද (16) රැස්වූ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් ඒ සඳහා නිල අනුමැතිය ලබාදී ඇති බවයි.

ඒ අනුව ඔලිම්පික් ක්‍රීඩා උළෙල ආරම්භයෙන් පසුව පළමුවරට ඒ සඳහා ක්‍රිකට් ක්‍රීඩාව එක්වීම 2028 වසරේදී සිදුවනු ඇති.

ක්‍රීඩා විචාරකයින් පෙන්වා දෙන්නේ ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වෙන කාලසීමාව තුළ රූපවාහිනී සහ ඩිජිටල් මාධ්‍යයන් හරහා බිලියන 3කට අධික ප්‍රේක්ෂක පිරිසක් ඒ වටා එක්වී සිටින අතර ඒ සඳහා ක්‍රිකට් ක්‍රීඩාවද ඇතුළත් වීම තුළ 2028 ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා වැඩි ආකර්ෂණයක් හිමිවනු ඇති බවයි.