― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsරුසියානුවන් 5000ක් යුක්රේනයේදී ජීවිතක්ෂයට

රුසියානුවන් 5000ක් යුක්රේනයේදී ජීවිතක්ෂයට

රුසියාව විසින් යුක්‍රේනය තුළ හමුදා මෙහෙයුම් ආරම්භ කර ගතවන හයවන දිනය අදයි. මේ වනවිට දෙපාර්ශවය අතර දරුණු ගැටුම් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

යුක්‍රේනයේ කිව් අගනුවර හා කාකිව් නගරය අල්ලා ගැනීම රුසියාවේ අරමුණ වී තිබෙන අතර ඒ අනුව මේ වනවිට රුසියාව යුක්‍රේනයේ කිව් අගනුවරට සහ කාකිව් නගරයට අඛණ්ඩව ගුවන් ප්‍රහාර එල්ල කරයි. කාකිව් නගරයේ වැසියන්ට නගරයෙන් ඉවත් වී ආරක්ෂිත ස්ථාන වෙත යන ලෙසට රුසියාව අනතුරු අගවා තිබේ.

රුසියාව විසින් එල්ල කළ ප්‍රහාරවලින් පාසලක්, සාප්පු සංකීර්ණයක් ඇතුළු ගොඩනැගිලි රැසක් විනාශ වී ඇති අතර සිවිල් වැසියන් 10 දෙනෙකුද මියගොස් ඇත.

මේ අතර ඊයේ රාත්‍රිය පුරා යුක්‍රේනයේ කිව් අගනුවරටද රුසියාවෙන් දරුණු ලෙස ගුවන් ප්‍රහාර එල්ල වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ප්‍රහාර හමුවේ කිව් අගනුවර ඉහල අහස තැඹිලි පැහැ ගැන්වී තිබූ බවයි. කිව් අගනුවර අල්ලා ගැනීම සදහා පැමිණෙමින් ඇති රුසියානු හමුදාවේ යුද රථ පෙල මේ වනවිට අගනුවරට සැතපුම් 17 ක් දුරින් සිටින බවයි වාර්තා වෙයි.

පවතින තත්ත්වය අනුව රුසියාව යුක්‍රේනය ඉලක්ක කර පොකුරු බෝම්බ ප්‍රහාර එල්ල කරමින් සිටින බවට ජාත්‍යන්තර විචාරකයන් චෝදනා එල්ල කරයි. ජාත්‍යන්තර සම්මුතීන්ට අනුව යුද ගැටුම්වලදී පොකුරු බෝම්බ ප්‍රහාර එල්ල කිරීම තහනම් වේ. ඒ අනුව රුසියාවට ඉදිරියේදී යුද අපරාධ චෝදනාවන්ට ලක් වන්නට සිදුවනු ඇති බව විචාරකයන් පෙන්වා දෙයි.

කෙසේවෙතත් යුක්‍රේනය පැවසුවේ ගැටුම් හමුවේ මේ වනවිට රුසියානු සොල්දාදුවන් 5,300 ක් පමණ මිය ගොස් ඇති බවයි. ගැටුම් හේතුවෙන් සිය පාර්ශ්වයට හානි සිදුව ඇති බව රුසියාවද පළමු වරට පිලිගෙන ඇති නමුත් සිදුව ඇති හානි මොනවාද යන්න ප්‍රකාශ කර නොමැත.

මේ අතර සිය රටේ සිටින සිවිල් වැසියන් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බවට යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් ස්ලෙනෙස්කි ජාත්‍යන්තරය හමුවේ රුසියාවට චෝදනා එල්ල කළේය. ඔහු පවසන්නේ සාමකාමී යුක්රේන වැසියන් ඝාතනය කීරීමේ වරදට ලොව කිසිදු අයෙකු රුසියාවට සමාව නොදෙනු ඇති බවයි. පවතින තත්ත්වය අනුව හමුදාව සමග එක්වීමට කැමැත්ත පල කරන සිරකරුවන් මුදා හැරීමටද යුක්‍රේන ජනාධිපතිවරයා තීරණය කර තිබේ.