― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඊශ්‍රායලයේදී ශ්‍රී ලාංකික කාන්තාවක් ජීවිතක්ෂයට

ඊශ්‍රායලයේදී ශ්‍රී ලාංකික කාන්තාවක් ජීවිතක්ෂයට

ඊශ්‍රායලයේදී අතුරුදන් වූ බවට පැවසෙන ශ්‍රී ලාංකික කාන්තාව ජීවිතක්ෂයට පත් ව ඇති බව එරට පොලිසිය තහවුරු කර තිබෙනවා.

ඊශ්‍රායල පොලිසිය සඳහන් කර ඇත්තේ ඇය හමාස් සටන්කරුවන් විසින් ඝාතනය කර ඇති බවට හෙළි වී ඇති බවයි.

එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මේ බව තහවුරු කර තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ අනුලා ජයතිලක නමැති කාන්තාවක්. ඇයගේ දේහය දින දෙකක් තුළ ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත ලැබීමට නියමිත බවටත් තොරතුරු වාර්තා වනවා.