― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsනඩත්තුවෙන් තොර පාලමක් කඩා වැටෙයි

නඩත්තුවෙන් තොර පාලමක් කඩා වැටෙයි

මඩුල්ල – මීගහපිටිය කෝට්ටගල හරහා ලියන්ගොල්ල හන්දිය දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයක් වන අල්පිටිය – කෝට්ටගල ග්‍රාම නිලධාරි වසම් මායිමේ ඇති පැරණි පාලමක් කඩා වැටී අනතුරක් සිදු ව තිබෙනවා.

මෙම පාලම මතින් දැව පටවාගත් ලොරි රථයක් ගමන් කිරීමේදීයි එම පාලම ලොරි රථය සමග ම කඩා වැටී ඇත්තේ.

ගම්මාන කිහිපයක ගම්වැසියන් මෙම මාර්ගය පාලම උපයෝගී කරගනිමින් භාවිතා කරන අතර, මෙම මාර්ගයේ එක් බස් රථයක් ද ධාවනය වනවා.

නමුත් පාලම කඩා වැටීම හේතුවෙන් බස් රථය ධාවනය වීම ද නැවතී ඇති බැවින්, ඒ හේතුවෙන් එම ප්‍රදේශයේ දරුවන් සහ වෘත්තිකයින් හට පාසල් සහ රාජකාරී කටයුතු සඳහා යෑමේ නොහැකියාවක් උද්ගත ව ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

මෙම අනතුරින් ලොරි රථයේ රියදුරු ජීවිතය බේරාගැනීමට සමත් ව තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් දඹගල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් පරීක්ෂණයක් සිදු කරනවා.