― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsAccidentමහියංගණයේ ලොරි - බස් අනතුරකින් 06ක් රෝහලට

මහියංගණයේ ලොරි – බස් අනතුරකින් 06ක් රෝහලට

දැව පැටවූ ලොරි රථයක් බස් රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අද උදෑසන 10ට පමණ මෙම අනතුර සිදු ව ඇත්තේ මහියංගණය – ගිරාඳුරුකෝට්ටේ මාර්ගයේ හද්දත්තාව 03 කණුව ප්‍රදේශයේදියි.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් මෙලෙස ලොරි රථයේ ගැටී තිබෙනවා. රිය අනතුරින් බරපතල තුවාල ලැබූ සයදෙනෙක් ප්‍රතිකාර සඳහා මහියංගණය රෝහලට ඇතුළත් කෙරුණා.

අනතුර සම්බන්ධයනේ මහියංගණ පොලිසියේ රථවාහන අංශ නිලධාරින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනවා.