― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsදිස්ත්‍රික්ක 9කට නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන

දිස්ත්‍රික්ක 9කට නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන

දිස්ත්‍රික්ක 9ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා.

ඒ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින්.

ඒ අනුව ගාල්ල, බදුල්ල, හම්බන්තොට, කෑගල්ල, මාතර, රත්නපුර, කළුතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට එම නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

අද (18) පස්වරු 03 සිට හෙට (19) පස්වරු 03 දක්වා මෙම නිවේදනය බලපැවැත්වෙන බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.