26.7 C
Colombo
Monday, July 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදරුවන් හදා වඩා ගැනීම එකම අරමුණයි – සය නිවුන් දරුවන්ගේ මව කියයි

දරුවන් හදා වඩා ගැනීම එකම අරමුණයි – සය නිවුන් දරුවන්ගේ මව කියයි

කාසල් වීදියේ කාන්තා රෝහලේදී නිවුන් දරුවන් 6 දෙනෙකු ලොවට බිහි කළ මව අද පළමු වරට මාධ්‍ය වෙත අදහස් පළ කළා.

ඇය කියාසිටියේ තමා සහ සැමියා කිසිසේත් අපේක්ෂා නොකළ සම්පතක් ලැබුණු බවයි.

දරුවන් කෙසේ හෝ හදා වඩා ගැනීම එකම අරමුණ වන අතර රෝහලේ කාර්ය මණ්ඩල ද සියලුදෙනා ඒ වෙනුවෙන් කටයුතු කරන බව මෙම මව සඳහන් කළා.

සියලුදෙනාගේ සහයෝගයෙන් දරුවන් ඇති දැඩි කර ගැනීම එකම අරමුණ වන අතර ඔවුන් හදා වඩා ගැනීම අපහසු වුව ද කිසිවෙකුට ලබා නොදෙන බවයි ඇය අවධාරණය කළේ.

තම දරුවන් ඇති දැඩි කර ගැනීමට සියලුදෙනාගේ සහයෝගය ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව ද මෙම මව ප්‍රකාශ කළා.

ඊයේ මෙම සය නිවුන් දරු උපත සිදුවූ අතර අද ඉන් එක් බිළිඳෙක් ජීවිතක්ෂයට පත්වුණා.