― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsබ්‍රිතාන්‍ය අගමැති ඊජිප්තුවට

බ්‍රිතාන්‍ය අගමැති ඊජිප්තුවට

බ්‍රිතාන්‍ය අගමැති රිෂි සුනක් අද (20) ඊජිප්තුවට යාමට නියමිතය.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊශ්‍රායලයේ සහ ගාසා තීරයේ පවතින තත්ත්වය පිළිබඳව කලාපයේ සගයන් සමග සාකච්ඡා කිරීම සඳහා ඔහු මෙලෙස ඊජිප්තුවට ගොස් ඇති බවයි.

කලාපීය යුද ගැටුම් උත්සන්න වීම වැළැක්වීම සහ සිවිල් ජීවිත තවදුරටත් අනවශ්‍ය ලෙස විනාශ වීම වැළැක්වීමේ අවශ්‍යතාවය පිළිබඳව අගමැතිවරයා එහිදී සාකච්ඡා කරනු ඇති බවයි පැවසෙන්නේ.

බ්‍රිතාන්‍ය අගමැති රිෂි සුනක් සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් හමුවූ අතර මැද පෙරදිග ස්ථාවරත්වයට සහාය වන ලෙස සෞදි අරාබියෙන් ඉල්ලා සිටි බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.