― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsරජයේ කර්මාන්ත ශාලාවෙන් ලක්ෂ 980ක ලාභයක්

රජයේ කර්මාන්ත ශාලාවෙන් ලක්ෂ 980ක ලාභයක්

විවිධ ක්ෂේත්‍රවල  නිෂ්පාදන සිදුකරමින් කොළොන්නාවේ පිහිටි රජයේ කර්මාන්ත ශාලාව ආදායම් ඉපයීම වැඩි කර ගනිමින් සිටින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය ප්‍රකාශ කරයි.

2021 වසර අවසන් වන විට රුපියල් මිලියන 98 ක ලාභයක් ලැබීමට කර්මාන්ත ශාලාව සමත්වූ බව කොළොන්නාව රජයේ කර්මාන්තශාලාවේ අධ්‍යක්ෂ ජනරාල් කේ. පී. වතූගේ මහතා පවසයි.

2021 වසරේ රුපියල් මිලියන 600 ක අලෙවි ඉලක්කයක් හඹායමින්, රුපියල් මිලියන 400 ක ඉලක්කයට පහසුවෙන් ළගාවූ රජයේ කර්මාන්ත ශාලාව, 2022 වසරේ අපේක්ෂිත අලෙවි ඉලක්කය වන රුපියල් මිලියන 625 ඉලක්කය, මෙම වසරේ මැද භාගය වනවිට සපුරා ගන්නා බවද රජයේ කර්මාන්තශාලාවේ වතුගේ මහතා සඳහන් කරයි.

වර්ෂ 1849 දී අරඹනු ලැබූ මෙම කර්මාන්ත ශාලාව මේවනවිට සියවස් එකහමාර කට වැඩි කාලයක් පසුකරමින් සිටියි.

පළමුව වඩුවැඩ පොළක් ලෙස ඇරඹී පසුව,කම්මලක්, යකඩ වැඩ පොළක්, මැෂින් වැඩ පොළක්, ඉලෙක්ට්‍රික් වැඩ පොළක්, පාලම් වැඩ පොළක් සහ යන්ත්‍ර්‍ර සූත්‍ර නිපදවන වැඩ පොළක් බවට පරිවර්තනයවූ මෙහි මුල් නම 1971 දී රජයේ වැඩ දෙපාර්තමේන්තුව ලෙසින් වෙනස්වී තිබේ. මේවනවිට එහි නාමය, කොළන්නාව රජයේ කර්මාන්තශාලාව යන්නයි.

නිෂ්පාදන සහ සේවා ක්ෂේත්‍රවල වාර්තා තැබූ රජයේ කර්මාන්තශාලාව අග්නිදිග ආසියාවේ පළමු මෝටර් රථ එකලස් කරන්නා බවට පත්වෙමින් රෙනෝල්ට් මෝටර් රථය මෙරටේදී එකලස් කර තිබේ.

රජයේ කර්මාන්තශාලාව මේවනවිට වැඩ කම්හල් අංශ 14 කින් සමන්විතව පවතියි. ඒ අනුව, විදුලි යාන්ත්‍රික, බර වැද්දුම්, යාන්ත්‍රික වඩු කම්හල, සැහැල්ලු වැද්දුම්, බහු ශිල්ප, වාහන අලුත්වැඩියා, ප්‍රවාහන, ගොඩනැගිලි නඩත්තු, විදුලි උප ඒකක, අබලි ද්‍රව්‍ය අංගනය, ප්‍රදර්ශනාගාරය, එම අංශ 14 හි වැඩ කම්හල්වේ. මෙම වැඩ කම්හල් 14 හි, සේවකයන් 300 ක් පමණ දැනට සේවය කරමින් සිටියි.

පෞද්ගලික අංශය සමග විවෘත ටෙන්ඩර් ක්‍රියාපටිපාටිය යටතේ තරගකර නිෂ්පාදන සේවා අවස්ථාවන් රැසක් රජයේ කර්මාන්තශාලාව මේවනවිට හිමිකරගෙන සිටියි.